භෙදි සුනු විසුණු වන්නට
වෙරදැරූ මගේ රට
මගේ සිහල කම
නුඹේ ද්‍රවිඩ කම
අපේ දේශයේ උරුමයයි
දමිළ මිතුරනි මිතුරියනි මාගේ
නුඹ ද අවිගෙන
මම ද අවිගෙන
සටන් වදින්නේ ඇයි ද මේ
නුඹේ දේශය
මගේ දේශය
අපේ එකමුතු ජවය ඒ
නුඹ ද අපිලද සටන් වැදුමෙන්
අපේ දේශය දෙකඩවේ
සරස්වතියේ රාම අයියේ
නුඹේ අතගෙන
මාල හත් පොට බදින්නමි
නලළ සිරසත ලාදු තවරා
ජය මංගල ගී ගයන්නමි
වෙසක් පොහොයට දළඳ සමිදුට
මල්රෝදක් අපි පුදන්නමි
රාමසාන්හි කෝවිලේ අපි
භාරහාරත් කරන්නමි
උතුරේ නුඹලද දකුණේ අපිලද
සාමයේ ගී ගයමු දැන්
Advertisement









