යුද්ධය පිළිබදව වන මතවාදය කුමක් වුවද දිනන්නට බැරි යුද්ධයක් ජයගත් බව සත්‍යයකි. දේශපාලනයේ ආකෘතිකමය වෙනසක් නොමැතිව සිදුවූ මෙකී ජයග්‍රහණයට හේතු වූ තීරණාත්මක සාධකය යුධපිටියේ නායකත්වය බව බහුතරයකගේ පිළිගැනීමයි. ඉහළ පෙලේ හමුදා නායකයින්ගේ සෘජු හා උපක්‍රමික තීරණයන් හේතුකොට භූමියේ සෙබළුන්ගේ ධෛර්ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතුවුණු අතර ඒ සදහා ඉහළ යුධනායකත්වය සහ භූමියේ සෙබලා අතර වූ අන්තර්සම්බන්ධතාව ද ප්‍රබලව බලපෑවේය. මෙකී කාරණා පසුපස සිටි ප්‍රධානතම බලවේගය වූයේ හමුදාපති සරත් ෆොන්සේකා බව තතුදත් සැමගේ අදහසයි. සැබැවින්ම දේශපාලන නායකත්වය විසින් සිදුකළ සුවිශේෂිතම කාර්යභාරය යුධනායකත්වයට බලපෑම් නොකර සිටීමයි. ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකලද ජෙනරාල් සරත් ෆොන්සේකා සතුව යුද්ධය ජයග්‍රහණය කිරීමේ පරම අරමුණක් හා ඒ වෙනුවෙන් වූ කැපවීමක් තිබූ බවද, ඒ නිසාම උතුරේ භූමිය සහ එල්ටීටීය පිළිබදව ඇති අත්දැකීම් හේතුකොට ගෙන වඩාත් ශූර උපක්‍රම භාවිතාකළ බව පසුව දැනගන්නට ලැබුණි. හමුදාව තුලට රිංගා සිටි අදක්ෂ, අකාර්යක්ෂම නායකත්වයන් කොළඹට එවා සැබෑ දක්ෂතාවක් පෙන්වූ යුධනායකයින් භූමියේ අණදෙන නිලධාරීන් බවට පත්කරන්නට යෑමේදී විවිධාකාරයේ විවේචනයන් ඔහුවෙත එල්ල වූ බව රහසක් නොවේ. යුද්ධය ජයග්‍රහණය කරන තෙක් රජයේ මාධ්‍යයන්ගේ මෙන්ම ආරක්ෂක ලේකම්, ජනාධිපතිවරයාගේ සමීප සගයෙකු වූ සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණය නොනවත්වා සමරන මේ සමය වන විට ක්‍රම ක්‍රමයෙන් මාධ්‍යයෙන් මෙන්ම දේශපාලන නායකත්වය වෙතින්ද අමතකව කරමින් තිබෙන බවක් දක්නට ලැබුණි. විටෙක බ්ලොග් අවකාශය තුලින්ද අදහස් කෙරුණේ ජෝතිෂ්‍යමය කාරණයක් හේතුකොට මෙවැන්නක් සිදුවන බවයි. කෙසේ වුවද පසුගියදා යුද්ධය පිළිබද රසබර මතකය දකුනේ ඡන්දය වෙනුවෙන් මතක්කර දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා නම සිය ශබ්දකෝෂයෙන් ඉවත් කොට තිබුනි. වත්මන් ආණ්ඩුව විසින් අලකරගත් සියළු දෑ වැසීමට පාවිච්චි කරන එකම තෛලය වන යුධ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත්ම තීරණාත්මක ලෙස දායක වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට පාඩුවේ ඉන්නටද ඉඩනොදී අපහාස කිරීමට පහත් මට්ටමකට රාජපක්ෂ පවුල් බලකාය ක්‍රියාකරමින් සිටී. ඒ ක්‍රීඩා හා පොදුවිනෝදාංශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කොට යැවීමෙනි. සජින් වාස් වැනි ලෝක හොරු ආණ්ඩුව නිසා වැජඹෙන්නේද, මර්වින් සිල්වා ඓතිහාසික කැළණිය පුරවරයේ චණ්ඩියා වී කෝටි ගණන් කප්පම් ගන්නේද, කරුණා අම්මාන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වී නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන විට රටේ ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් නායකත්වය දුන් සරත් ෆොන්සේකා ඉවතට විසිවන්නේ ඔහු රාජපක්ෂ කෙනෙක් නොවීම නිසාත්, ඔහු කොන්ද පණඇති නායකත්වයකින් හෙබි පුද්ගලයෙකු බව ඓතිහාසිකව ඔප්පු කොට ඇති නිසාත්ය. රාජපක්ෂලා දක්ෂ බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත. මැදමූකලානේ සරම උස්සගෙන කෑගැසුවට ජාතික නායකයෙක් වන්නේ නැත. කොහේවත් නැති කනා පාරක් මහින්දට වැදුනේ ශ්‍රීලනිපයේ සිටි ජවිපෙ මතයට නැටවුණු රූකඩයක් වූ නිසාවෙනි. ලැබුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගැනීමට තරම් සූක්ෂම වූ රාජපක්ෂ පවුලේ කට්ට කෛරාඨික හිවල් මොලඇති සහෝදර උපදෙස් නිසා මුලින්ම කපා දැමුණේ තමන්ව රජකම් කරවූ ජවිපෙය. සිය පියා කළ පූර්ව පිනක් පළදුන් මහින්දට අණාගන්නට තිබූ යුද්ධය දිනාදීමට සරත් ෆොන්සේකාගේ ජීවිතය බේරුණු අතර තමන්ට කෙළවෙන්නට යන නිසා බියවී ඇස්දෙක පියාගෙන සරත්ට කැමැත්තක් කරන්නට දී මහින්ද දතකට පියාගෙන සිටියේය. යුද්ධය ඉවර වූ පසු සරත්ට පස්සට දෙකක් ඇණ වීසි කළේය. ජාත්‍යන්තරව තමන්ට ආ චෝදනා වලින් බේරේන්නට දයාන් ජයතිලක යවා ඔහුටද පොරක් වන්නට ඉඩනොදී පළවා හැරියේය. දැන් රාජපක්ෂ පාලනයට එරෙහි වූ බොහෝ කරුණු විසදී ඇත. අවශ්‍යනම් බෙල්ල දීමට කැමති දස දහස් ගණනක් මග බලා සිටිති. එසේ වුවද රාජපක්ෂ පවුලෙන් නොකැපී ඉන්නට නම් රාජපක්ෂ පවුලට මස්රාත්තල දීමට එකග වියයුතු අතර තමන් කටු වලින් පමණක් තෘප්තිමත් විය යුතුය. අවශ්‍ය නම් ඩලස් හෝ මර්වින් මෙන් පොරටොක් දීමට තහනමක් නැත. එහෙත් සල්ලි, ධනය, සම්පත් ගැවසෙන සියළු තැන් රාජපක්ෂ පරම්පරාවට අයිති විය යුතුය. මේ වන විට වැඩිම මුදලක් සංසරණය වන උතුර සංවර්ධනය , නැගෙනහිර සංවර්ධනය බැසිල් රාජපක්ෂ යටතේ සිදුවන විට වැඩිම සංවර්ධන කටයුතු සිදුවන දකුණු පළාතේ සියළු කටයුතු සිදුවන්නේද බැසිල් යටතේමය. ඊට අමතරව රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන කටයුතු සියල්ල බැසිල් යටතේම සිදුවිය යුතුය. ගුවන්සේවා හා වරාය චමල් යටතේය. ඉදිරියේදී ශක්තිමක් වීමට නියමිත පළාත් සභා නායකත්වයන් සියල්ල රාජපක්ෂ සනුහරේට යා යුතුමය. කොළඹට එන නාමල් ට අභියෝගයක් වියහැකි, පාදඩ දේශපාලනයේ කිරුළ සොයායන දුමින්ද සිල්වා අනර්කලී දමා නිහඩකරවන්නේ මේ යටතේය. තත්ත්වය මෙසේ වන විට ප්‍රතිරෝධය පිළිබදව දැනුමක් නැති රාජපක්ෂ සනුහරය කැපීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන විට සරත් ෆොන්සේක වැනි සිවිල් බලයක් සහිත පුද්ගලයෙක් දේශපාලනිකව ශක්තිමත් වීමේ ශක්‍යතාවයක් ද පෙනෙන්නට ඇත. ඓතිහාසික ස්වයං විනාශකාරී ක්‍රියා කිරීමේ පළපුරුද්ද සහිත ජවිපෙ මේ සදහා ඉදිරියට ආවොත් පුදුමයක් නැත. දේශපාලන සෙල්ලමේ ඉදිරිය බොහෝ තීරණාත්මකය. මාරාන්තික රිය අනතුරු, ගුවන් අනතුරු විටෙක සිදුවිය හැකි සේම මරාගෙන මැරෙන බෝම්බ කාරියන් නැවත මතුවුවද පුදුමයක් නැත.
උපුටා ගැනිමකි.










