Chandi Roshika

November 9, 2009

පොලොන්නරැ රාජදානිය දෙවෙනි සටහන

Filed under: Uncategorized — chandiroshika @ 10:42 am

අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස

* අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
* ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස

විදහා දැක්විය හැකිය.

ඹ්නෑම දේශයක දියුනුව ‍ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.

පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් [["මහා විජයබාහු රජතුමා"]] සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල “මහා පරාක්‍රමබාහු රජතුමාය” ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.
ප්‍රරාක්‍රම සමුද්‍රය
වටදා ගෙය
ලංකා තිලක
Galpotha

* ඇතුල් නුවර
* පිට නුවර
* පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)

පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන වි‍ට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.

* ප්‍රරාක්‍රම සමුද්‍රය
* පුරාවිද්‍යා කෞතුකාගාරය
* ශිව දේවාලය
* වටදා ගෙය
* හැටදා ගෙය
* මැණික් වෙහෙර
* ලංකා තිලක
* තිවංක පිළිමගෙය
* පරාක්‍රම මාලිගාව
* නිශ්ශංකමල්ල මාලි‍ගා සංකිර්ණය
* නිශ්ශංකලතා මණ්ඩපය
* අ‍ටදා ගෙය
* සත්මහල් ප්‍රසාදය
* රන්කොත් වෙහෙර
* කිරිවෙහෙර
* පොත්ගුල් වෙහෙර
* කුමාර පොකුණ

ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු “වෛජසන්න ප්‍රසාදය” හෙවත් “සත්මහල් ප්‍රසාදය” අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.

බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

අතීතයේ මුතුන් මිත්තන්ගේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට ක‍ටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වෙමින්,ඝන වනාන්තර තුල හව් හරනක් නැතිව හුදකලා වෙමින් අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පැවති අතීත නටබුන් වර්තමාණයේදි පවා මෙවන් ශ්‍රි විභුතියක‍ට හිමිකම් කියන්නේ නම් එකල කොතරම් මහේශාක්‍ය ලීලාවෙන් මේ මහපොළොව මත නැගී සිටින්නට ඇත්ද??

Advertisement

Leave a Comment »

No comments yet.

RSS feed for comments on this post. TrackBack URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.