Chandi Roshika

October 6, 2009

බුද්ධ වර්ෂය හා භාවිත වර්ෂය අනුව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය 2011 දී උදාවන්නේ කෙසේ ද?

Filed under: Uncategorized — chandiroshika @ 10:10 am

images01බුද්ධ වර්ෂය – බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ (ස්කන්ධ පරිනිර්වාණය) ය සිදු වූ දිනයේ සිටය. මේ අනුව ඉකුත් වූ වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූයේ බුද්ධ වර්ෂ 2553 ය. මේ වර්ෂය 2010 වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ ය.

ක්‍රිස්තු (භාවිත) වර්ෂය – අද අපි එදිනෙදා කටයුතු සඳහා භාවිත කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂයයි. එය ජාත්‍යන්තරව පොදුවේ භාවිතාවන වර්ෂය හෙයින් අපිද මෙය භාවිතා කරමු. මේ අනුව ඉකුත් ජනවාරි 01 උදා වූයේ 2009 වර්ෂයයි. මෙය වෙනස් වන්නේ මීළඟ ජනවාරි 01 දා ය. එදිනට 2010 වර්ෂය උදාවේ. ක්‍රිස්තු වර්ෂය ගණනය කරනු ලබන්නේ ක්‍රිස්තූන් වහන්සේ උත්පත්තිය ලැබූ දිනයේ සිට ය.

පොදු කරුණු – ඉහත සාධක අනුව ක්‍රිස්තූන් වහන්සේ බෙත්ලෙහෙම් උත්පත්තිය ලබන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවී අවුරුදු 544 ගත වී ඇත. නැතහොත් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නට අවුරුදු 544 පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවී ඇත.

2009 2553
+ 544 – 544

වර්තමාන බුද්ධ වර්ෂය 2553 2009 වර්තමාන ක්‍රිස්තු වර්ෂය

බුද්ධ ජයන්ති වර්ෂය – වර්තමානයේ බුද්ධ ජයන්ති වර්ෂ දෙකක් ගැන කතා කරයි. ඒ මෙසේ ය.

1. බුද්ධ ජයන්තිය – මෙය බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500 ගතවීම අනුස්මරණය කරමින් පැවැත් වූ ජයන්තියයි. එය සිදු කළේ භාවිත (ක්‍රිස්තු) වර්ෂ 1956 දී ය. ක්‍රිස්තු වර්ෂ 1956 යෙදුනු වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500 උදාවිය.

1956+544
2500

2. සම්බුද්ධත්ව ජයන්තිය – බුදුරජාණන් වහන්සේ ජීවමානව අසූ අවුරුද්දක් වැඩ සිටියහ. මෙයින් ඉපිද අවුරුදු 35 ගත වූ තැන ජය ශ්‍රී මහා බෝ මුල දී සම්මා සම්බුද්ධත්වයට පත් විය. මෙසේ සම්බුද්ධත්වයට පත්ව අවුරුදු 80 දක්වා වැඩ සිටියහ. මෙවිට අවුරුදු 80 සම්පූර්ණ වී පිරිනිවෙන අවස්ථාව වන විට බුදු වී අවුරුදු 45 ගත වී ඇත.

80 – 35 45

බුදුන් වහන්සේ මේ අනුව උතුම් වූ සම්බුද්ධත්වයට පත්ව භාවිත වර්ෂ 2009 (මේ වසරේ) වෙසක් පොහොයට පසු වූයේ සම්බුද්ධත්වයෙන් 2598 වර්ෂයයි. (2553 + 45 = 2598) මේ නිසා සම්මාසම්බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව වසර 2600 උදාවන්නේ භාවිත වර්ෂ 2011 දී ය. නැතහොත් තවත් වසර දෙකකිනි. ඒ 2011 මැයි මස වෙසක් පුණු පොහෝදාය.

2553+ 45

2598 = 2009 වෙසක් පෝය/ මේ වසරේ වෙසක් පෝය /2009.05.08

+02

2600 = 2011 වෙසක් පෝය දින උදාවේ. (2600 සම්බුද්ධත්ව ජයන්ති පෝය)

බුද්ධ වර්ෂයත් ක්‍රිස්තු වර්ෂයත් අතර වෙනස අවුරුදු 544 කි.

Advertisement

Leave a Comment »

No comments yet.

RSS feed for comments on this post. TrackBack URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.